චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට යවා මහින්ද ගෙදර යවන සැලසුමක්!

August 18, 2019 at 7:57 am | by emanisa.lk

දැනට පුරප්පාඩු වී තිබෙන එ.ජ.නි.ස. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිත්වය භාරගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙන් හා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරන ලෙසත් සෙසු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිනිය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග පවසයි.

එහෙත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව ස්ථීර වචනයක් ලබා දී නොමැති අතර ඉදිරියේදී ඒ ගැන සලකා බලමු යැයි පමණක් ඔහු සඳහන් කළ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස