ගෝඨා එක්නැලිගොඩ පැහැරගෙන ගලක් බැඳලා මුහුදට දැම්මා කියන්න! – ගෝඨා දඩයමට නිශාන්ත කන්දප්පලා බොරු සාක්ෂි ගෙතූ හැටි ජනපති කොමිසමේ දී හෙළි වෙයි..

August 28, 2020 at 9:08 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන මරා දැමූ බවට පාපෝච්චාරණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කන්දප්පා බුද්ධි අංශ නිලධාරියෙකුට බලපෑම් කළ බව අද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ දී අනාවරණය විය.

මේ බව අනාවරණය කළේ විශ්‍රාමික බුද්ධි බලකා කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන විසිනි.

පළමුව ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගිරිතලේ යුද හමුදා කඳවුර වෙත රැගෙන ආ බවත් අනතුරුව සිරුරේ ගලක් බැඳ අක්කරේපත්තු මුහුදේ ගිල්වූ බවත් සඳහන් කරන ලෙස මෙලෙස බලපෑම් කර තිබේ. මේ අවස්ථාවේ අදාළ බුද්ධි බලකා නිලධාරියාට මත්පැන් පානයට සලස්වා ඇති බව ද පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර, ඇමති මංගල සමරවීර සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් සමග සිටින නිසා කිසිවකට බිය නොවන ලෙස ද නිශාන්ත ද සිල්වා කන්දප්පා බුද්ධි බලකා කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස