ගෝඨා ආරක්ෂක ඇමති වගේ වැඩ කළාට මම ආරක්ෂ ඇමති හමුවෙන්නවත් බැරි අසරණ ආරක්ෂක ලේකම්! අපේ ආරක්ෂක කවුන්සිලයේ කතා කළේ මාකඳුරේ මදූෂ්, හික්කඩුවේ මූදේ වායු රයිෆල්වලින් මසුන් මැරීම වගේ මාතෘකා! – හේමසිරි ප්‍රනාන්දු

June 7, 2019 at 8:34 pm | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමය නිල නොවන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ ද තමා යහපාලන ආණ්ඩුව සමයේ ආරක්ෂක ඇමතිවරයා සමග සුමානයකට වරක් කතා කිරීමට පවා අවස්ථාවක් නොලැබූ අසරණ ආරක්ෂක ලේකම් බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි.

රාජ්‍ය බුද්ධි අංශය ගැසට් පත්‍රය අනුව තමා යටතේ තිබුණ ද එහි ක්‍රියාකාරීත්වය පාලන කළේ ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා බවත් ඇතැම් විට ලිපියකට අත්සන ලබා ගැනීමට පැය 3-4 ආරක්ෂක ඇමතිවරයා මුණ ගැසීමට බලා සිටින්නට සිදු වූ බවත් ඔහු අනාවරණය කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ තමා සහභාගී වූ ආරක්ෂක කවුන්සිල රැස්වීම්වල දී ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් තොරතුරු පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවූ බවය.

එහිදී බොහෝ විට සාකච්ඡාවට බඳුන් වූයේ මාකඳුරේ මදූෂ්, ඩ්‍රෝන යානාවලින් ප්‍රහාරයක් එල්ල කිරීම සහ හික්කඩුව මුහුදේ වායු රයිෆල්වලින් මසුන් මැරීම වැනි මාතෘකා පිළිබඳ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස