ගෝඨාට ලක්ෂ 64යි! සජිත්ට ලක්ෂ 37යි! වැඩි ඡන්ද 27 ලක්ෂයකින් ගෝඨා දිනුම්! – අලුත්ම සමීක්ෂණය මෙන්න…

November 4, 2019 at 11:00 am | by emanisa.lk

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දැක් විමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක් වි ඇති නිසා ලබන මස 17 දින වන විට ගෝඨාභය රාජපක්ෂ වැඩි ජන්ද ලක්ෂ 27 කින් මේ රටේ ජනාධිපති වන බව ස්ථිර බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ එ් බැව් කියා සිටියේ නාවලපිටිය දොලොස්භාගේ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ඔහුන්ට සහයෝගය දක්වන සියළුම පක්ෂ එක් ව ලක්ෂ 37 ජන්දයක් ලබා ගන්නා බවත් පැවසිය.

වතු කම්කරුවාට රු 50ක වැටුපක් වැඩි කිරිමට නොහැකි වු එක්සත් ජාතික පක්ෂ රජයේ ජනාධිපති අපෙක්ෂකයා රු 1500ක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි ඇතත්, එම මුදල කිසිසේත් ඔහුන්ට ලබා දිමට නොහැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස