ගෝඨාගේ දිවුරුම් දීමට හිස්බුල්ලා ආවා! කෝ මේ රතන හිමි? – සුනන්ද දේශප්‍රිය

November 19, 2019 at 12:09 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට නැඟෙනහිර පළාත් හිටපු පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පැමිණි බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසයි.

“හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළියේ. රතන හිමි කොහිද?” යනුවෙන් ද ඔහුගේ ට්විටර් පණිවිඩයේ දැක්වෙයි. හිටපු ආණ්ඩුකරු රුවන්මැලි සෑ බිමෙන් නික්ම යන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඔහු ඊට එකතු කර තිබිණි.

කෙසේ වුවද මෙම අවස්ථාවට අනාරාධිතව පැමිණි හිස්බුල්ලා ආරක්ෂක අංශ විසින් නැවත හරවා යැවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

සුනන්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සොහොයුරෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස