ගුවන් හමුදා පුහුනු යානය කඩා වැටෙයි! නියමුවා ගලවා ගැනීමට මෙහෙයුම්!

December 15, 2020 at 5:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානයක් කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන තිතිරිකුණාමලය චීනවරාය ගුවන් හමුදා පුහුණු පාසැලෙන් පුහුණුවීම් සඳහා පිටත්ව ගිය මෙම ගුවන් යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග පැවැතී සම්බන්ධතා බිඳී ගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ ය.

මේ වන විට ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් යානය තුල සිරවී සිටින ගුවන් නියමුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව් බැම්ම ආසන්නයට කඩා වැටී ඇති බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස