ගාලු මුවදොර විරෝධතාව ආණ්ඩු විරෝධයෙන් රාජ්‍ය විරෝධයට…! ඒකීය ශ්‍රී ලංකාව එක්සත් ශ්‍රී ලංකාව කරයි…!

April 18, 2022 at 9:18 am | by emanisa.lk

ඊයේ (17) රාත්‍රී ප්‍රොජෙක්ටරයක් (Projector) මගින් ග්‍රැෆික් නිර්මාණයක් ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ල වෙත ප්‍රක්ෂේපණය කර තිබේ.

එහි රාජපක්ෂ ආණ්ඩු විරෝධී දර්ශන මෙන් ම රාජ්‍ය විරෝධී දර්ශන ද ප්‍රක්ෂේපණය කරනු දැකගත හැකි විය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඒකීය රාජ්‍යයක් වන අපේ රට එක්සත් ශ්‍රී ලංකාව යනුවෙන් එහි ප්‍රදර්ශනය කෙරිණි.

ඒකීය රාජ්‍යයක් යනු මධ්‍යම රාජ්‍යය උත්තරීතර වන එය පවරා දීමට කැමති බලයක් පමණක් සෙසු පාලන ඒකක වෙත හිමි වන රාජ්‍යයකි.

එහෙත් එක්සත් රාජ්‍යයක් යනු කුඩා රාජ්‍ය නැතහොත් ප්‍රාන්ත රාජ්‍ය කිහිපයක් එකතු වී ගොඩනැඟෙන රටකි. දෙමළ බෙදුම්වාදීන් දශක ගණනක් තිස්සේ උතුරු නැඟෙනහිරට වෙන ම ස්වයං පාලනයක් ඉල්ලා සිටින අතර උතුරේ ඊළාම් ස්වයං රාජ්‍යය සහ කොළඹ රාජ්‍යය වෙන ම පාලන ඒකක දෙකක් ලෙස නම් කර රට ෆෙඩරල් ව්‍යුහයක් වෙත ගෙන යාම ඔවුන්ගේ අරමුණය.

කෙසේ වුව ද ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් අනතුරුව බෝඩ් යොදා මෙම දර්ශන අවහිර කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *