ග්‍රාමසේවක ඇතුළු පිරිසක් නුවරකන්ද විහාරයේ නිදන් හාරලා! ග්‍රාම සේවක යතුරු පැදිය සහ හැඳුනුම්පත දමා පළා ගිහින්!

December 19, 2020 at 10:45 am | by emanisa.lk

කුරුණෑගල වැහැර පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට ඊයේ (18) රාත්‍රියේ දී ඓතිහාසික වාරියපොල නුවරකන්ද විහාරයට අයත් පුරාවිද්‍යා රක්ෂිතය තුළ නිදන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ඔහු සතුව තිබී ගිනි අවි දෙකක් ද පොලිසිය විසින් සොයාගන්න ලදී. එම පුද්ගලයා මෙම විහාරස්ථානය අසල වත්තක මුර කරුවෙකු වේ. නිධන් හාරමින් සිටි තවත් කීප දෙනෙකු පැනගොස් ඇති අතර ඒ අතර ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයෙකුද සිටින බවට පොලිසිය සැකකරයි. එම නිලධාරියාට අයත් බවට සැකකරන යතුරුපැදියක් සහ හැඳුනුම්පත් දෙකක් ද තවත් යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

තව ද එම ස්ථානයේ තිබී රාජ්‍ය ලකුණ සහිත ටී ෂර්ට් දෙකක්, පොලොව හෑරීමට සහ ගල් කැඩීමට යොදාගන්නා අයුධ ඇතුළු භාණ්ඩ තොගයක ද පොලිසිය බාරයට ගෙන ඇත. පැන ගිය පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *