ගල්කිස්ස වෙරළට වැලි දැමීමේ ව්‍යාපෘතිය ඉතා ම සාර්ථකයි…! එදා විරුද්ධ වුණේ නොදන්නකමට….!

March 24, 2021 at 1:24 pm | by emanisa.lk

ගල්කිස්ස වෙරළට වැලි පිරවීම ව්‍යාපෘතිය ඉතාම සාර්ථක බව ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා සඳහන් කරයි.

එම වෙරළට එදා වැලි ගෙනැවිත් දමා තිබුණු ආකාරය දුටු විට තමන්ට විශාල වේදනාවක් ඇති වුණු බව ද තම නොදැනුම්වත්කම නිසා එදා බිය වූ බවද ඔහු පැවසීය.

නමුත් අද එම ව්‍යාපෘතියෙන් හැමෝටම විශාල යහපතක් වී ඇතැයි ද විශාල වෙරල තීරයක් නිර්මාණය වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

https://www.youtube.com/watch?v=vqxmmrCwZGc

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *