ඛනිජ තෙල් සංස්ථාව පාඩුපිට දුන්නට අපට දෙන්න බෑ..! පෙට්‍රල් රු. 20කින් සහ ඩීසල් රු. 30කින් නංවන්න ඕන…! – ලංකා IOC

October 17, 2021 at 10:39 pm | by emanisa.lk

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට එම සමාගම රජයේ අනුමැතිය ඉල්ලා ඇත.

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 84.8ක් ලෙසය. එය 2018 වසරින් පසු එම වර්ගයේ බොරතෙල් බැරලයක වාර්තා වූ ඉහළ ම මිල ද විය.

කොවිඩ් වසංගතයෙන් පසු නිෂ්පාදන කටයුතු ඉහළ යාම, ස්වභාවික බලශක්ති සඳහා වන පිරිවැය අධික වීම හේතුවෙන් දැවිතෙල් හා ඩීසල් වෙත සමාගම් යොමුවීම හා ඔපෙක් සංවිධානය යටතට ගැනෙන තෙල් නිෂ්පාදන රටවල් සිය නිෂ්පාදන කප්පාදු කිරීම මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල නැවත වරක් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවසර ඉල්ලා සිටි නමුත් රජය ඊට අනුමැතිය නොදුන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ අනාවරණ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *