කෝටි 15ක් ගියේ යකඩ මිනිස්සු 15කට සම්මාන දෙන්න….! අපේ ආණ්ඩුවක් ආවම සීනි, ඖෂධ, සුදුලූනු හොරු ඔක්කොම අල්ලනවා…! – පාඨලී…

September 24, 2021 at 7:57 pm | by emanisa.lk

පන්නරය යනුවෙන් වැඩසටහනක් දියත් කර යකඩ මිනිසා නමින් තම අමාත්‍යංශය යටතේ සම්මාන උලෙළක් පැවැත් වූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අදාළ ව්‍යාපෘතියට රජයේ මුදල් කෝටි 15ක් වැය කිරීම තුළ අක්‍රමිකතා සිදුව ඇතැයි ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව අද (24) එහි පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

අදාළ සම්මාන උලෙළ තුළ යකඩ මිනිසා නමින් හැඳින්වූයේ තමා නොව මේ රටට වැඩ කළ පුද්ගලයින් 15 දෙනෙකු බව ද පාඨලී චම්පික අවධාරණ කළේ ය.

තමා නැවත බලයට පත් වූ පසු සීනි, ඖෂධ, සුදුලූනු හොරු ඇතුළු සියලු අපරාධකාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා සපථ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *