කොළඹ වරාය බටහිර පර්යන්ත ගිවිසුම අත්සන් කරයි….!

September 30, 2021 at 2:23 pm | by emanisa.lk

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුම අද (30) අත්සන් තබා තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා අත්සන් තබනු ලැබුවේ, ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ දේශීය නියෝජිත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතරය.

ව්‍යාපෘතියේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්ම වන බව වාර්තා වේ. එහි ගිවිසුම් කාලය වසර 35කි.

අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය කරමින් පසුගිය මාර්තු 2 වන දින කැබිනට් අනුමැතිය හිමිවිය.

ඉදිකිරීම, පවත්වා ගෙන යාම සහ පැවරීම හෙවත් BOT ක්‍රමයට අනුව බටහිර පර්යන්තයේ මෙම සංවර්ධන කටයුතු සිදුවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *