කොවිඩ් සටනට දිවි පිදූ සුව විරුවා හමුදාවෙන් අගයයි….! ගිලන් රථ රියදුරුගේ දියණියට ශිෂ්‍යත්වයක්…!

September 3, 2021 at 10:12 pm | by emanisa.lk

රත්නපුර මහ රෝහලේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා ප්‍රවාහනය කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහත් මෙහෙවරක් ඉටුකරමින් ගිලන්රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටිය දී බී.ඒ. අමරජීව (57) කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් (21) මිය ගියේය.

ඔහු විසින් සිදුකළ සේවය අගය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් මත යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුව විසින් රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන ඔහුගේ දියණිය වන බී.ඒ.ටී. ශෂි ප්‍රභා වෙත ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනිම සඳහා ශිෂ්‍යත්වයක් ලබා දී තිබේ.

ඒ අනුව මාසිකව රුපියල් 6600.00 බැගින් උසස් පෙළ විභාගයට පෙනී සිටින කාලය දක්වා එම ශිෂ්‍යත්වය ප්‍රදානය කෙරෙනු ඇත.

යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේගේ අධීක්ෂණය මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න විසින් එම ශිෂ්‍යත්ව ප්‍රදානය කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු යුද්ධ හමුදා කඳවුරේ දී සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *