කොරෝනා වාහකයන් නොවන ආසාදිතයන් දින 14කින් නිවසට!

November 2, 2020 at 10:47 am | by emanisa.lk

කොවිඩ් ආසාදිත රෝගීන් අතරින් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති බවට තහවුරු වන පුද්ගලයන් දින 14 ක් රෝහල් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවෙස්වලට යොමු කරන ලෙස සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම චක්‍රලේඛය සියලුම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන්ට යොමු කර තිබේ. මීට පෙර රෝගීන් කළමනාකරණය කිරීමේදී දින 14 ක් ගතවීමෙන් පසුව ද එම රෝගීන්ගෙන් දිගින් දිගට ම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලදී.

කොවිඩ් වෛරසය ශරීරයේ නොමැති බවට අවසන් පරීක්ෂණ වාර්තා දෙකෙන්ද තහවුරු වන තෙක් රෝහල්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය නතර කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇත.

නව ක්‍රමවේදය මගින් රෝගීන් අනවශ්‍ය ලෙස රෝහල්ගතව සිටීම වැළැක්වීම අරමුණ බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ සඳහන් කර තිබේ. කෙසේ වුව ද එවැනි රෝගීන් නිවසට පැමිණීමෙන් පසුවද දින 14 ක් නිරෝධායනය වීම අනිවාර්ය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස