කොරෝනා මෘතදේහ පුච්චනු…! භූමදානය එපා…! ජනපති කාර්යාලය වටලති!

December 28, 2020 at 11:05 pm | by emanisa.lk

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් සියලු දෙනාට එක ම නීතියක් අනුගමනය කරන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට අද (28) දහවල් කාලයේ පැමිණියේ ය.

භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට කොරෝනා මෘතදේහ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සියලුම දේහයන් ආදාහනය කළ යුතු බවය.

‘එක රටක් එක නීතියක්’ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද ඔවුහු කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස