කොරෝනා මැඩලන්න කැප වූ පවිත්‍රාට කොරෝනා වැළඳීම අරුමයක් නෙමෙයි…! ඈ ඉලක්ක කරගත් දේශපාලන නින්දා අපහාස මිනිස්කමටත් නිඟාවක්….! – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ….

January 25, 2021 at 12:51 pm | by emanisa.lk

රාජ්‍ය ඇමැතිනි සුදර්හනී ප්‍රනාන්දුපුල්ලේ විසින් තබන ලද ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

කොවිඩ් වෛරසය මිහිපිට ජීවත්වන ඕනෑ ම මනුෂ්‍යයෙකුට වැළඳීමට ඉඩ ඇති ගෝලීය වශයෙන් පැතිර යන වසංගත රෝගී තත්වයකි.

එය අද මට හෙට ඔබට වැළඳීමට ඉඩ ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ට පවා වැළඳී ඇති වෛරසය ඉතාම දියුණු යැයි පැවසෙන රටවල ලෝක නායකයින්ට ද වැළඳී ඇත.
එබැවින් කොවිඩ් 19 ආසාදනය වීම ජාති, ආගම්, කුල, දේශපාලන, උස් මිටිකම් භේදයකින් තොරව ඔිනෑ ම අයෙකුට වැළදිය හැකි රෝගයක් බැවින් එම තත්වය තේරුම්ගෙන ඉන් ආරක්ෂාවීමට කටයුතු කිරීම ඔබ අප සියලු දෙනාගේ ම වගකීමය.

මේ මොහොතේ දී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටද වෛරසය ආසාදනය වී ඇති අතර කොවිඩ් මර්දන සටන වෙනුවෙන් කැපවූ ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩකටයුතු ආරම්භ කළ ඇයට ලැබුණු ප්‍රමුඛ අභියෝගය කොවිඩ් 19 වන අතර ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ඇය විසින් ඉටුකළ කාර්ය භාර්ය කිසිසේත්ම අමතක කළ යුත්තක් නොවේ.

එහෙත් වෛරසය ආසාදනය වූ ඇයට සමාජ මාධ්‍ය තුළ ඇතැම් පිරිස් විසින් දේශපාලනික වශයෙන් සිදුකෙරෙන නින්දා අපහාස කිරීම් පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු අතර මෙවැනි අවස්ථාවක මිනිස් ගුණ දම් දන්නා කිසිවෙකු විසින් එවැනි දෑ අනුමත නොකරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය ඇතුළු වෛරසය ආසාදනය වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ අප සියලු දෙනාට ම ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
(පා.ම)

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස