කොරෝනා බෝ වුණේ රනිල් කී දේ බැහැර කළ නිසයි! – රුවන්

November 17, 2020 at 8:36 am | by emanisa.lk

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශ්ව දේශපාලන භේද පසෙක ලා එකට එක්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

සියලු පාර්ශ්වවල ඇති අත්දැකීම් යොදා ගනිමින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම අභියෝගයට මුහුණ දිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ පෙරේදා (15) වාද්දුව දම්පියගම, ශ්‍රී සමුද්‍රාරාම විහාරස්ථානයේ කඨින පූජෝත්සවයට සමගාමීව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මාර්තු මාසයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී මතු කළ කරුණු බැහැර කරමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලවලට අද මුහුණ දී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස