කොරෝනා දේහයක් මාසයක් තිස්සේ මෝචරියේ….! ආදාහන විරෝධය නිසා ඥාතීන් දේහය හඳුනා ගැනීමට නොඑති…!

December 29, 2020 at 10:26 am | by emanisa.lk

කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ලේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාසයකට ආසන්න කාලයක් තිස්සේ කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තිබෙන බව රෝහල් පොලිසිය පවසයි.

කළුබෝවිල රෝහලට ඇතුලත්ව සිටි මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 29 වැනිදා මියගොස් තිබේ. මියයෑමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිත බව අනාවරණය විය.

දේහය භූමදානයට නොදෙන්නේ නම් එය භාර නොගන්නා බව පවසමින් මියගිය පුද්ලයාගේ ඥාතීන් දේහය හඳුනාගැනීම හෝ නොකළ බව කළුබෝවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්ඩී.පී.ඒ.ටී. කොටුගොඩ පවසයි.

පොලිසිය විසින් මේ සම්බන්දව ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර අධිකරණයේ නියෝගය වී ඇත්තේ දේහය ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු ආදාහනය කළ යුතු බවයි. නමුත් ඥාතීන් විසින් දේහය හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් දේහය මෘතශරීරාගාරයෙන් ඉවත්කිරීමට නොහැකි වී ඇත.

රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ යූ.සී.පී. පෙරේරා මහතා ඇතුළු ගාල්ලේ අධිකරණ වෛද්‍යවරුන් පසුගියදා පවසා සිටියේ කොරෝනා ආසාදනය වූ සිරුරු, චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් පරිදි හැකි ඉක්මණින් ආදාහනය කළ යුතු බවයි. එම සිරුරු මෘත ශරීරාගාරවල තබා ගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබා ගැනීමකට හා සමාන බව ද ඔවුහු පවසති.

ගාල්ලේ දෙද්දුගොඩදී පසුගියදා මියගිය කොරෝනා ආසාදිත බව තහවුරු කරනු ලැබූ මුස්ලිම් ජාතිකයාගේ සිරුර දින පහක් තිස්සේ සීතාගාරයක පැවති අතර පස්වන දිනයේ සිදුකළ පරීක්ෂණයෙන් ද එහි වෛරසය සක්‍රීය පවතින බව තහවුරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස