කතෝලික රවී කුරගලට ලයිට් දුන්නා! බෞද්ධ සජිත් ලයිට් තහනම් කළා! කොටුවේ පොඩි හාමුදුරුවෝ (video)

June 28, 2019 at 11:44 am | by emanisa.lk

කුරගල පුරාවිද්‍යා භූමියේ පිවිසුම් මාර්ගයට සහ චෛත්‍යයට විදුලි බලය ලබා දීමේ වැඩපිළිවෙළ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාසගේ බලපෑම් මත නතර කර දමා ඇතැයි වාර්තා වෙයි.

මෑත භාගයේ අන්‍යාගමි ආක්‍රමණයට දැඩි ලෙස ගොදුරු වූ කුරගල පුරවිද්‍යා භූමියේ පිහිටි ඉස්ලාම් පල්ලිය ඉවත් කරන ලෙස අධිකරණ නියෝගයක් ලැබී තිබුණ ද මෙතෙක් එය ඉවත් කර නොමැත.

පෙර රජ දවස රහතුන් වහන්සේලා වැඩ වාසය කළ පුණ්‍ය භූමියක් ලෙස සැලකෙන කුරගල පුරාවිද්‍යා භූමියට විදුලි බලය ලබා දීමට පුරාවිද්‍යා බලධාරීන් මෙයට පෙර (26) ලබා දී තිබූ අවසරය ඊයේ නැවත අවලංගු කර තිබේ.

ඇමති සජිත් ප්‍රේමදාස සහ ඇමති රවී කරුණානායක අතර පවතින පෞද්ගලික ආරවුලක් මේ සඳහා හේතු වී ඇතැයි ද පැවසෙයි.

කෙසේ වුවද මෙයට පෙර වාර්තා වූයේ ඇමති සජිත් ප්‍රේමදාස කුරගල ඉස්ලාම් පල්ලිය ඉවත් කර පුරාවිද්‍යා භූමිය ආරක්ෂා කිරීමට පියවර ගැනීමට සූදානම් වන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස