කසළ කන්ටේනර් තොගය රට තුළට ගෙන ඒමට තහනමක්! අධිකරණ අවසර නැතිව ප්‍රතිඅපනයනයත් තහනම්!

July 31, 2019 at 1:00 pm | by emanisa.lk

කටුනායක වෙළෙඳ කලාපයේ සහ වරාය පරිශ්‍රයේ කන්ටේනර්වල ඇති කසළ රටේ කිසිම ප්‍රදේශයකට ගෙන යාම හෝ අධිකරණ අවසරයකින් තොරව ප්‍රතිඅපනයනය කිරීම වළක්වමින් අද(31) අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන්ට සැප්තැම්බර් 20 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග ක‍ළේය.

හේලීස් ෆ්‍රී සෝන්, ඊ.ටී.එල්. කලම්බු ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, නීතිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස