කපා කපා කැලී කපා කියාගෙන ආවේ බොරුකාරයෝ..! රනිල් ජනපති කරලා හැමෝම මාරු වුණා…! හෙටත් බලල අපිත් ගෙදර යනවා…!

August 8, 2022 at 3:40 pm | by emanisa.lk

අප්‍රේල් 09 වෙනිදා සිට අරගල භූමියේ සිදු වූ සිදුවීම් දෙස තමා නිහඬව බලා සිටි බව පූජ්‍ය ධම්මසුජාත හිමි පවසයි.

ආරම්භයේ දී විශාල සෙනගක් අරගලබිමේ සිටිය ද අද කිහිප දෙනෙකුට එය සීමා වී ඇතැයි ද එහිමියෝ පෙන්වා දෙති.

සිස්ටම් චේන්ජ් කියමින් මෙහි පැමිණි බහුතරයකගේ අරමුණ වී ඇත්තේ ආණ්ඩුව පෙරළා, සිය දේශපාලන පක්ෂය රජ කරවීමට ද බවට ද සුජාත හිමි චෝදනා කළේය.

මාස 04ක් තිස්සේ සිදු කළ අරගලයේ ප්‍රතිඵලයක් නැත්නම් එය හෙටින් නතර කළ යුතු බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

ධම්මසූජාත හිමි අරගල බිමේ වස් වැසූ හිමිනමක් වන අතර අද (08) එහි සිට මාධ්‍ය අමතමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *