ඖෂධ හිඟයට හේතුව රාජපක්ෂ ආණ්ඩුවයි! මම ඒක වහාම විසඳනවා! – රාජිත

May 27, 2019 at 12:26 pm | by admin

2018 වසරේ අවසානභාගයේ දේශපාලන අර්බුදය පැවැති කාලය තුළ ඖෂධ වර්ග 216 ක හිඟයක් නිර්මාණය වුවද එහි බලපෑම තවමත් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

හිඟයක්ව පැවැති ඇතැම් ඖෂධ තවමත් රෝහල්වලට සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එම දේශපාලන අර්බුදය සමයේ ක්‍රියාත්මක නොවීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ කිසිදු ටෙන්ඩරයක් ක්‍රියාත්මක නොවූ බවත්, ඖෂධ ආනයනය කිරීමක් සිදු නොවූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. දැනට පවතින සුළු ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස