ඔබට දැනුම තිබේ නම් තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න! ජනපතිගෙන් කම්කරුවන්ට අපූරු උපදෙසක්!

January 14, 2020 at 2:36 pm | by emanisa.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ අදහස් දැක්වීමක් බොහෝ දෙනාගේ ඇගයුමට ලක්ව තිබේ.

පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් පිරිසක් හමුවූ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ සිය රැකියා ස්ථිර කර දෙන ලෙසය.

මෙම කෘෂි විද්‍යා පීඨයේ සිදුකෙරෙන කාර්යයන් පිළිබඳ නිසි අවබෝධයක් ඇත්දැයි ජනාධිපතිවරයා එම කම්කරුවන්ගෙන් විමසීය.

එම කම්කරුවන්ගේ පිළිතුර වී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ සිදුකෙරෙන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම තමන්ට ඇති බවය.

එසේනම්, තමන්ගේම පෞද්ගලික ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් එම දැනුම යොදා නොගන්නේ ඇයිදැයි ජනාධිපතිවරයා අදාළ කම්කරුවන්ගෙන් විමසා තිබේ.

එවිට ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ අවශ්‍ය උපකරණ හා වෙනත් පහසුකම් සලසා ගැනීමට තමන්ට මූල්‍යමය ශක්තියක් නොමැති බවය.

ව්‍යවසායකයෙකු ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදීමට හැකි නම් එයට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම කම්කරුවන්හට පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස