එල්ලුම් ගහ සූදානම්! කඹෙත් සූදානම්! වධකයොත් සූදානම්! අවශ්‍ය තීන්දුව විතරයි!

June 29, 2019 at 1:06 pm | by emanisa.lk

වධක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය මාර්තු මාසයේ පැවැත්වූ අතර, ඉන් අයදුම්කරුවන් 26 දෙනෙකු අවසන් වශයෙන් තෝරාගනු ලැබිණි.

පසුව එම 26 දෙනා වධක තනතුර පුහුණුව සඳහා යොමුකර ඉන් ඉහළම ලකුණු ලබාගත් පුද්ගලයින් දෙදෙනා එම තනතුර සඳහා තෝරා ගෙන තිබේ.

මේ දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ යෙදවීමට නියමිත ඇති අතර මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ 18 දෙනෙකු මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇත.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයත් සමග වැලිකඩ බන්ධනාගාරයද එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස