එන්නත් මිශ්‍ර කිරීමෙන් වැඩි ආරක්ෂාවක්….! – ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් හෙළිදරව්වක්….

June 29, 2021 at 2:34 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක මිශ්‍ර එන්නත් ලෙස ලබා දීමෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ අධ්‍යයනයකින් හෙළිව තිබේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සති 04 කට පසු ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් එලෙස වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි බව එම අධ්‍යයනයෙන් හෙළිව ඇත.

එලෙස මිශ්‍ර එන්නත් මාත්‍රා ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිදේහ නිපදවීම සාමාන්‍ය එන්නත්කරණයට වඩා ඉහළ මට්ටමක පවතින බව ද එම අධ්‍යයනය මගින් හෙළිව ඇති බව වැඩි දුරටත් සඳහන් කරයි.

කෙසේ වුව ද සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් මෙයට පෙර සඳහන් කර තිබුණේ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා ළබා ගත් අයට දෙවන එන්නත ලෙස ද එය ම ලබා දිය යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *