ලබන මස ෆයිසර් එන්නත් මාත්‍රා 78 000ක්….! ඉදිරි මාස පහේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක්…! ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවටත් ෆයිසර්…! – ඇමැති චන්න….

June 23, 2021 at 1:32 pm | by emanisa.lk

ජුලි මාසයේ පළමු සති තුන තුළ සතියකට එන්නත් මාත්‍රා 26,000ක් බැගින් ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම වසර අවසන් වන විට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් මෙරටට ලැබෙනු ඇති බවත් ඇමැති ජයසුමන අනාවරණය කළේ ය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලෙස ලබාගත් 560,000ක පමණ පිරිසක් මේ වන විට එහි දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙළ හරහා එම එන්නත් මාත්‍රා 264,000ක් ලැබීමට නියමිත බවත් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක අවශ්‍යතාවක් පවතින අතර ඒ අය සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස දීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමැතිය දී තිබෙන අතර කැනඩාව,ජර්මනිය, ප්‍රංශය වැනි යුරෝපා රටවල ද දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දී ඇති බව ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස