එන්නත්කරණයෙන් ලංකාව පෙරමුණේ…! ජනගහනයෙන් 50%ක් එන්නත දුන් රටවල් 07 අතරට…! රටවල් හතෙන් හතරක් ම එන්නත නිපදවන රටවල්…!

September 14, 2021 at 4:40 pm | by emanisa.lk

ඉලක්කගත ජනගහනයෙන් සියයට 50 ඉක්මවා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක ම ලබාදුන් රටවල් අතරට අද (14) දිනයේ දී ශ්‍රී ලංකාව ද එක් වූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මෙය රටක් ලෙස සියලු ජනතාව එක්ව ලබාගත් ජයග්‍රහණයක් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

කුඩා දූපත් රාජ්‍ය හැරුණු විට මේ වන විට ජනගහණයෙන් සියයට 50කට එන්නත් ලබ දී ඇත්තේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මැලේසියාව වැනි ජී 7 කලාපයට අයත් රටවල් බවත් ඉන් රටවල් හතරක්ම එන්නත් නිපදවන රටවල් බවත් ඇමති ඩලස් අලහප්පෙරුම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *