එදා G7 සමුළුවේ බලවත් නායකයෝ ජනාධිපතිතුමාගේ පුටුව ළඟට ඇවිත් කතා කළා! අද එතුමාට ආරාධනා කරන්නේ කජිගිස්තාන්, බලුගිස්තාන්, කසකස්තාන් නායකයෝ! – රාජිත

June 25, 2019 at 2:38 pm | by emanisa.lk

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රට ගෙන ආ තැනටම වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන රට ගෙන ආ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“2015 ජනවාරි අට අපේ රට ගොඩගත්ත තැනදී මුළු ලෝකයේම විශාල බලාපොරොත්තුවක් තිබුණා. මුළු ලෝකයම මේ රටට ගරු කළා. ඒ ගෞරවය පැමිණෙියේ අපේ ජනපතිවරයායට.

G7 සමුළුවට අපි වගේ පුංචි රටවල්වලට ආරාධනා කරන්නේ නෑ. නමුත් මේක ගොඩනගපු හින්දා අපේ නායකයාට විශේෂ අමුත්තෙක් ලෙස ආරාධනා කළා.

ඒ හත්දෙනාම අපේ ජනාධිපතිගේ පුටුව ගාවට ඇවිල්ලා කථා කළේ. නමුත් ඒ නායකයට ඒක ආරක්ෂා කර ගන්න තරම් තත්ත්වයක් බුද්ධියක් තිබුණේ නෑ.

ඔක්තෝබර් 26 දා එක් රාත්‍රියක් උදාවෙන විට අර ලෝකයේ තිබුණ සියලුම ගරුත්වය එක රාත්‍රියකින් ඉවර කර ගත්තා.

අද එතුමාට ආරාධනා කරන්නේ කජිගිස්තාන්, බලුගිස්තාන්, කසකස්තාන් වගේ රටවල්. මහින්ද රාජපක්ෂ ගෙනාපු තැනටම අපේ රට ආපසු ගෙනාවා.”

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස