එජාප පසුපෙළ රිෂාඩ්ට එරෙහි වෙයි! ඇමති ධුරයක් නොදෙන ලෙස බලවතුන්ට දැනුම් දෙයි!

July 12, 2019 at 9:32 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට යළිත් අමාත්‍ය ධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවත් සියලු චෝදනා විභාග කර අවසන් වන තෙක් ඔහුට අමාත්‍ය ධූරයක් ලබා නොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවැසීය.

එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන්ට යළිත් අමාත්‍ය ධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස