එජාප නියෝජ්‍ය නායකකම භයානකයි! ජුදාස් වගේ පක්ෂය පාව දෙනවා! – වජිර මිදි තිත්තයි කියයි..

September 15, 2020 at 7:14 am | by emanisa.lk

මෑත භාගයේ එජාපයේ සිටි සෑම නියෝජ්‍ය නායකයෙක්ම පක්ෂයෙන් පැන ගිය බව හිටපු එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

එබැවින් එජාප නියෝජ්‍ය නායකකම භයානක තනතුරක් බවට ඔහු අනතුරු අඟවයි.

ඒ කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන හිටපු නියෝජ්‍ය නායකවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මතක් කර දෙමිනි.

වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ එජාප නියෝජ්‍ය නායකත්වයට පත් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට පසුය.

වජිර අබේවර්ධන ද නියෝජ්‍ය නායක තනතුර බලාපොරොත්තු වුවද එය ඉටුවුයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *