රුවන් විජේවර්ධන හමුවට අස්ගිරි නාහිමි බෑ කියයි! එජාප බලය අල්ලන්න ගිය රුවන් පිළ කනස්සල්ලෙන්!

August 30, 2020 at 7:35 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට සූදානම් වන එම පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධනට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන නා හිමි හමු වීමට ඉඩ ලැබී නැතැයි වාර්තා වෙයි.

මේ නිසා රුවන් විජයවර්ධන අස්ගිරි පාර්ශවයේ ලේකකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි පමණක් හමු වීමට අවස්ථාව අද (30) ලැබී ඇත.

මේ අතර වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමි බැහැදැකීමට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට අවස්ථාව හිමිව ඇතැයි එජාපයට හිතැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *