එජාපය බලය හොබවන උඩුනුවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභා අයවැය පරාදයි!

December 17, 2019 at 5:32 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවල අයවැය අද (17) පරාජයට පත්විය.

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව ජන්ද 14ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 20ක් ලැබුණි. ඒ අනුව වැඩි ජන්ද 6කින් එම අයවැය පරාජයට පත්විය.

මේ අතර හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවර කියවීම අද සිදු කෙරිණි. එහිදී අයවැයට පක්ෂව ජන්ද 13ක් සහ විපක්ෂය ජන්ද 29ක් ලැබුණු අතර අයවැය පරාජය වුයේ වැඩි ජන්ද 16කිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස