එජාපයෙන් ජනාධිපතිවරණයට කරුණාගේ සහාය ඉල්ලයි!

June 10, 2019 at 1:32 pm | by emanisa.lk

පසුගිය දිනක එජාප ප්‍රබලයකු කරුණා නොහොත් විනයාගමූර්ති මුරලිදරන්ගෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සහාය ඉල්ලා තිබේ.

දුරකතනය ඔස්සේ ඔහු අමතා ඇති එජාප ප්‍රබලයා වර්තමාන දේශපාලන කටයුතු පිළිබඳ මෙන්ම පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව ද විමසා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වුවහොත් සහාය ලබා දෙන්නේ දැයි විමසා ඇත්තේ ඉන් අනතුරුවය.

මුරලිදරන් පවසා ඇත්තේ තමා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වන බවත් මේ අවස්ථාවේ ඔබට සහාය දිය නොහැකි බවත් ඒ පිළිබඳ කනගාටුවන බවත්ය.

ප්‍රසිද්ධ වේදිකාවේ විනයාගමූර්ති මුරලිදරන්ගේ පැරණි කොටි ක්‍රියාකාරකම් විවේචනය කරමින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය වෙත ගෙන ආ රාජපක්ෂ කඳවුරට පහර දෙන එජාපය තිරය පිටුපස මෙවැනි දේශපාලන ගනුදෙනුවල නිරත වන බව බොහෝ දෙනා දන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස