එක රටක් එක නීතියක් ගොඩනැඟීමට සබ්‍රිගේ ප්‍රකාශ බාධාවක්…! ඒවා මැඩගෙන ඉදිරියට යනවා…! – ප්‍රේමනාත් ශ්‍රී දොලවත්ත….

February 15, 2021 at 5:17 pm | by emanisa.lk

එක රටක් එක නීතියක් සංකල්පය යථාර්ථයක් කිරීම සඳහා විහාර දේවාලගම් පනත අහෝසි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් ශ්‍රී දොලවත්ත පවසයි. කිසිවෙකු එසේ පවසන්නේ නම් එය සම්පූර්ණයෙන් බොරුවක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් තේසවලාමේ, උඩරට සහ මුස්ලිම් ආදී පුද්ගල නීති අහෝසි කිරීම අනිවාර්ය බව ඔහු අවධාරණය කරයි.

මෙවැනි යෝජනා එක රටක් එක නීතියක් ගොඩනැඟීම පිණිස යන ගමනේ අභියෝග බවත් ඒවා මැඩගෙන ඉදිරියට යන බවත් දොලවත්ත සඳහන් කරයි.

අන්තවාදී අභියෝග හමුවේ එම ගමන ආපසු හැරවිය නොහැකි බව පවසන මන්ත්‍රීවරයා 69 ලක්ෂයක ජනතාවක් ජනවරමක් ලබා දුන්නේ එක රටක් එක නීතියක් ගොඩනැඟීම උදෙසා බවත් සිහිපත් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *