උතුරේ හින්දු බැතිමතුන්ගේ පාද යාත්‍රාවට හමුදාවත් එක්වෙයි!

July 11, 2019 at 6:50 pm | by emanisa.lk

වාර්ෂිකව පා ගමනින් කතරගම බලා පැමිණෙන උතුරු නැඟෙනහිර හින්දු බැතිමතුන් 1500කට අධික පිරිසක් යාල ජාතික වනෝද්‍යානය ඔස්සේ ලින්තුන වරහන ප්‍රදේශයට ළඟා වූ අතර යුද හමුදාව බැතිමතුන්ට ආගන්තුක සත්කාර කළේය.

යුද හමුදාව බැතිමතුන් සියලු දෙනාට ආහාර වේලක් ලබා දුන් අතර යුද හමුදාපතිවරයා එහි පැමිණ ජනතාවගේ සුවදුක් විමසීය. එම හින්දු බැතිමතුන් මහත් සතුටින් ආහාරපාන ලබා ගෙන නික්ම ගිය අතර හමුදාපතිවරයා ද කිලෝ මීටර් 05ක් පමණ පාද යාත්‍රාවේ යෙදෙමින් ඔවුන්ට සහයෝගය ලබා දීමට කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *