උණ රෝගීන්ට ඇස්ප්‍රීින් දෙන්න එපා! රෝගියා මිය යන්න පුළුවන්! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

August 8, 2019 at 6:52 pm | by emanisa.lk

උණ රෝගීන්ට ඇස්ප්‍රීන් ඇතුළු වේදනානාශක ලබාදීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට සිහිකැඳවීමක් කර තිබේ.

මේ අතර උණ රෝගීන් ද ඇස්ප්‍රීන් හෝ වේදනානාශක හෝ ලබා නොගත යුතු බවත් වෛද්‍යවරුන් තමාට ලබාදෙන ඖෂධ පිළිබඳව ජනතාව සැලකිලිමත් විය යුතු බවටත් ඔහු අනතුරු ඇඟවීමක් කර තිබේ.

උණ රෝගීන් ඇස්ප්‍රීන් ඇතුළු වේදනා නාශක ලබාගත හොත් එම රෝගී තත්වය උත්සන්න විය හැකි අතර ඩෙංගු රෝගීයකු එම ඖෂධ ලබාගත හොත් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය සේනා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනතුරු ඇඟවීමේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස