ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ මහමොළකරු යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පිහිටුවීමට මූලික වූ ආචාර්ය අබ්දුල් රහ්මාන්! රට පුරා කැම්පස් ජාලයක්! දැනටමත් 200ක් ජිහාඩ් පුහුණුවට යවලා! පාස්කු දා දෙදෙනෙක් මරාගෙන මැරිලා! (video)

May 29, 2019 at 8:14 am | by admin

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් ඇතුළු ඉස්ලාමීය ත‍්‍රස්තයන් නිර්මාණ කරන සහ ත‍්‍රස්ත සල්ලි සුදු කරන මහ මොළකරු යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පිහිටුවීමට මූලික වූ ආචාර්යවරයෙක් බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනාවරණය කළහ.

උන්වහන්සේ මේ බව අනාවරණය කළේ නාවල රාජගිරියේ පිහිටි ශ‍්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ ඊයේ (28 වැනිදා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඔහු දෙහිවල ප‍්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන බවත්, එහි අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යයන් දෙසීයක් පමණ ඔස්ට්‍රේලියාවට ගොස් ජිහාඩ් ත‍්‍රස්තවාදීන්ට එකතු වී ඇති බවත් සඳහන් කළ ඥානසාර හිමියෝ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරයට සම්බන්ධ වූ දෙදෙනකු ද එම ආයතනයෙන් ඉගෙන ගෙන ඇති බවත් කියා සිටියහ.

මෙම තැනැත්තාට දෙස් විදෙස් අති විශාල දේපළ සහ මුදල් සම්භාරයක් ඇති බව සඳහන් කළ ඥානසාර හිමියෝ ඔහු අත්අඩංගුවට ගෙන වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු යැයි අවධාරණය කර කියා සිටියහ.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග ඔහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඒ බව සනාථ කිරීමට සාක්ෂි රැසක් තමන් වහන්සේ සතුව ඇති බවත් ඥානසාර හිමියෝ පැවසූහ.

මෙම ත‍්‍රස්තවාදය පැතිරවීමේ මහමොළකරුවන් අත්අඩංගුවට නොගෙන කඩු කිනිසි අල්ලා කිහිප දෙනකුට තඩිබා මෙම ප‍්‍රශ්නය විසඳිය නොහැකි බව පැවසූ ඥානසාර හිමියෝ මේ පුද්ගලයා මේ වන විට කොළඹ වාසය කරන බවත් කියා සිටියහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස