ඉරණතිව් දූපතේ කොරෝනා දේහ භූමදානයට ගත් තීන්දුව මම වෙනස් කළා…! – දේවානන්ද….

March 8, 2021 at 10:13 pm | by emanisa.lk

කොරෝනා මරණ ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රජය ගෙන තිබූ තීරණය ඉවත් කර ගත් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා සඳහන් කරයි.

ඉරණතිව් දුපතේ කොරෝනා මරණ භූමදානය කිරිමට ගෙන ඇති තීරණය නතර කරන්නැයි තමන් ජනාධිපතිවරයා හා අග්‍රාමත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ඉරණතිව් දුපතේ කොරෝනා මරණ වළ දැමීම නතර කර ඒ වෙනුවට කොරෝනා මරණ භූමදානයට මඩකළපුව ඔට්ටමාවඩි සුඩුපත්තිනසේනෙයි ප්‍රදේශයේ ඉඩම තෝරා ගත් බවත් ඇමැති දේවාන්නදා පවසයි.

කොරෝනා මරණ ඉරණතිව් දුපතේ භූමදානයට ගෙන තිබු තීරණය නතර කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කරමින් නිකුත් කර තිබුණු මාධ්‍ය නිවේදනයේ ඔහු මේ බව සඳහන් කර ඇත.

අමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරණතිව් දුපත ආර්ථිමය වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි දුපතක් බවත් එවැනි දුපත් රැක ගැනීම රජයේ යුතුකමක් වන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *