කොවීඩ් භූමදානයට ඉරණතිව්හි විරෝධතා….! ක්‍රිස්තියානි පූජකවරු ඉදිරියෙන් ම….!

March 3, 2021 at 11:53 am | by emanisa.lk

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් කිළිනොච්චි ඉරණතිව් දූපතේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක අරඹා තිබේ.

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර වළ දැමීම සඳහා ඉරණතිව් දූපත හඳුනාගෙන ඇති බවට ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ය.

ඉරණතිව් දූපතේ මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු වාසය කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි.

යුද්ධයෙන් අනතුරුව 2017 වසරේ සිට දුෂ්කරතා රැසක් හමුවේ මෙම දූපත්වාසීන් සිය ජීවිකාව ගෙන යමින් සිටී.

කෙසේවෙතත් මේ දක්වා එම දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති බව පවසන දූපත්වාසීන්, කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් දැඩි විරෝධයක් දක්වන බව පවසයි.

මේ අතර, කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමදානය කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේද සඳහන් මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළ අතර අදාළ මාර්ගෝපදේශ අද (03) දිනය තුළ නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව බව ද ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *