ඇමැතිවරු කප්පම් ගන්නවා…! මමත් ඉන්නේ කලකිරීමෙන්…! ජනතාව වරද නිවැරදි කළ යුතුයි…! – රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න…

July 16, 2021 at 5:59 pm | by emanisa.lk

ආනමඩුවේ බොරලු ටිපර් එකකින් රු. 500ක් කප්පම් ගන්නා ඇමැතිවරුන් බිහිව ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න පවසයි.

ආනමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න අමාත්‍යවරුන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ.

මොකද ජනතාව හැමදාම මාව විරයා කළා. එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොඳින් තහවුරු කළා.

මම හැමදාම ජනතාවත් එක්ක හිටියා ඒ නිසා මම ජනතාවට කියනවා යම් තැනක වැරදිමක් වුවා නම් එය නිවැරදි කිරිමට කාලය එළඹේමින් තිබෙන බව එය ඔබේ අයිතිය. අපිත් හරිම කළකිරිමේන් දැන් වැඩ කරන්නේ අපේ කළකිරිම් ඔබට කියලා වැඩක් නැහැ. මොකද ඔබ අප පත් කළේ ඔබට වැඩ කරන්න.

නමුත් අපිට එය කරන්න බැරි වෙලා තියෙනවා. මේ ආණමඩුව ආසනය තුළ අද වන විට කප්පම් ගන්න දේශපාඥයින් බිහිවි තිබේනවා. මේ ගැන ඉහල දැනුවත් කළා. වැඩක් නැහැ ඒ නිසා මේ කප්ප දේශපාලනය මම අනුමත කරන්නේ නැහැ.

ජනතාවට පොල් පැල බෙදා දීමේ උලෙළකට එකතු වෙමින් ඊයේ (16) ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *