ඇමැතිකම් ගන්න කියල රනිල් පිංසෙණ්ඩු වෙනවා..! – විමල්…

October 25, 2022 at 6:36 am | by emanisa.lk

උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා තමන්ට ඇමැති ධුර ලබා ගෙන ආණ්ඩුවට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

“මමත් වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිල සහෝදරවරුනුත් ඇමති කට්ට දිහා බලාගෙන කැබිනට් එක ඇතුළේ කකුල් වනමින් හිටියෙ නැහැ. අපි කැබිනට් මණ්ඩලය ඇතුළේ සටන් කළේ, මාර්තු දෙවැනිදා එළියට ඇවිත් කතා කළේ, ‘කෙහෙල්මල් ඇමති පට්ටම උඹලා තියාගනිල්ලා’ කියන ස්ථාවරයේ සිටයි.

බොහෝ පිරිස් ඇමතිකමට පුදුම මළ පෙරේතකමක් දක්වනවා. ‘රාජ්‍ය ඇමතිකමක් හෝ දෙන්න සර්’ කියා පවසනවා. දැන් පොහොට්ටුවේ අයියලා වර්ණනා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. ඒක ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ වගේ එකක් ද දන්නේ නැහැ.

මහින්ද මහත්තයාගේ ඇගට රනිල් මහත්තයාගේ ඔළුව සෙට් කළාම ගතියක් තියෙනවා ද. නාමල් බේබි පැටියා නම් කියන්නේ රනිල් දැන් හරි ෂෝක් කියලයි.

මීට පස්සේ අපි උඩරට හෝ පහතරට ප්‍රභූ පෙළැන්තියේ නායකයෝ බලයට ගෙනඒමට කිසි ලෙසකින්වත් දායක වෙන්නේ නැහැ. අපේ පෙළැන්තියේ තරුණ දරුවන් අතට මේ රට ගනිමු. මේ පොළොවට සැබෑ ලෙසම ආදරය කරන මිනිස්සු අතට මේ රට ගනිමු.

රජු කියන්නේ ‘රංජනය කරන්නා’ හෙවත් ‘පිනවන්නා’ කියන එකයි. අපිට හිටියේ ජනතාව පිනවන රජවරු. පොහෝ දිනයේ තමන්ගේ ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයත් රැගෙන රෝහලට ගොස් රෝගීන්ට ප්‍රතිකාර කළ මහා ඉහළ ගුණාංග හොබවපු රජවරු අපට හිටියා. එවැනි රජවරු අතින් තමයි අපේ රටේ දියුණු ශිෂ්ටාචාරයක් ගොඩනැගුණේ. ඒ දියුණු ශිෂ්ටාචාරය තමයි අද වලපල්ලට ඇදලා දමන්න හදන්නේ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *