ජනපති රනිල්ට ඇමරිකාව එංගලන්තේ සුබ පතලා නෑ…! ඔහුගේ ජනාධිපතිකම ලෝකය පිළිගන්නේ නෑ…! – විමල්…

July 21, 2022 at 5:53 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වුවද ලොව කිසි ම ප්‍රධාන රටකින් සුබ පැතුමක්වත් ඒවා නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

එනම් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම ලෝකය පිළි නොගන්නා බව ද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තරය මේ මොහොතේ ඉල්ලා සිටින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහට පවතින අර්බුදය සමනය කිරීම ඉතා අපහසු වනු ඇති බවද පැවසූ ඔහු නමුත් එය තමාගේ ප්‍රාර්ථනාව නොවන බව ද කියා සිටියේය.

අරගලය විසින් සිදුකර ඇත්තේ ජනතාව පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවා ජනතාව පරාජය කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීම පමණක් බව ද විමල් වීරවංශ අවධාරණය කළේය.

සිය පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *