ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියා! ජනාධිපතිවරණ අභියෝගයට සූදානම්! – ගෝඨා

July 31, 2019 at 8:15 am | by emanisa.lk

පසුගිය අප්‍රේල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළේය.

එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බවද හෙතෙම සඳහන් කළේය.

බොහෝ දෙනා නොයෙක් ප‍්‍රකාශ සිදු කළද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු බාධාවක් නොවූ බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මේ වන විට තමා ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කර ඇති බව හෙතෙම කීය.

ජනාධිපතිවරණයේ අභියෝගය භාර ගැනීමට තමා සුදානම් බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස