ඇමති සජිත් දුහුවිල්ලටත් වඩා නිහතමානී වෙයි! බදියුදීන් ගැන ප්‍රශ්න කළ ඩී.එස්. මුනුබුරා එජාපයෙන් පන්නයි! ඇමති ධුරයත් අහිමි කරයි!

October 29, 2019 at 11:46 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක එජාප සාමාජිකත්වයෙන් සහ ඇමති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස එජාප ජනාධිපති අපේක්ෂකයා කිරීම වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටි වසන්ත සේනානායක අනතුරුව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම් සියල්ල රනිල් පාර්ශවය විසින් ලබා ගැනීම නිසා කලකිරීමට පත්විය.

අනතුරුව සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් ලියමින් ඔහු විමසා සිටියේ සජිත් ප්‍රේමදාස රජයක් යටතේ අගමැති රනිල්, ඇමති රවී කරුණානායක සහ ඇමති රිෂාඩ් බදියුදීන්ගේ භූමිකාව කුමක් දැයි රටට හෙළි කරන ලෙසය.

විශේෂයෙන් වංචා දූෂණ චෝදනා එල්ල වන ඇමති රවී සහ මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීම ඇතුළු බරපතළ වංචා දූෂණ චෝදනා එල්ල වන ඇමති රිෂාඩ් වැනි පිරිස් සජිත් ප්‍රේමදාස රජයක ඇමති ධුර ලබන්නේ දැයි විමසා සිටියේය.

ඊට ඇමති සජිත් පිළිතුරු නොදුන් අතර එම ප්‍රශ්නය මතු කළ ඇමති වසන්ත පක්ෂයෙන් නෙරපා ඇමති ධුරය ද පවරා ගෙන තිබේ.

වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයේ පීතෘ මෙන්ම ප්‍රථම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායකගේ මුනුබුරාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස