ඇමති රාජිතගේ කමිටුවට හිස් අතින් කොළඹ යන්න වෙයි! කමිටුව ගැන විශ්වාසයක් නැතැයි කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරයි!

May 28, 2019 at 10:06 pm | by admin

ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදු කළැයි පැවසෙන කතාවේ සත්‍ය අසත්‍ය සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයම තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය “කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය” විසින් ලිඛිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත අද (28) දැනුම්දී ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත්කර එවන ලද කමිටුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත් එවැනි කමිටුවක් හමුවේ සාක්ෂි ලබාදීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම ප්‍රතික්ෂේප කරන බවත්ය.

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කර එවන කමිටුවක් හමුවේ අවශ්‍ය සාක්ෂි ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මේ නිසා ඇමති රාජිත සේනාරත්න පත්කර එවන ලද කමිටුව අද කොළඹ සිට කුරුණෑගල පැමිණ හිස් අතින් නැවත කොළඹ බලා යාමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස