ඇමතිවරු ගෙදර යන්න හිත හදා ගනිති! රහසේම ෆයිල් මිටි පිටින් උස්සති !

November 9, 2019 at 1:21 pm | by emanisa.lk

මේ වන විටත් බොහෝ අැමතිවරු සිය අමාත්‍යංශවල අැති යම් යම් දූෂණ චෝදනා එල්ල වනු ඇතැයි විශ්වාස කරන ෆයිල් ඉවත් කරමින් ඇතැයි දැනගන්නට ලැබේ.

මෙම ලිපි ගොනු සිය සමීපතම පෞද්ගලික කාර්යමණ්ඩල නිලධාරීන් මාර්ගයෙන් රහසිගතව අමාත්‍යංශවලින් ඉවතට රැගෙන යමින් ඇති අතර එම තොරතුරු වෙනත් පාර්ශව වෙත යාම වැළැක්වීමට සියලු උත්සාහයන් දරමින් ඇත.

එළඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රෙිමදාස පරාජයට පත්වන බවට දෙස් විදෙස් සමීක්ෂවලින් හෙළි වීම මෙයට හේතුවයි.

එහෙත් ඊටත් වඩා බලපා ඇත්තේ මෙම මැති ඇමතිවරු දැඩි ලෙස විශ්වාස කරන දෛවඥයන්, දෙවියන් සමග සබඳතා පවත්වන පුද්ගලයන් ඔස්සේ ලද දේව අනාවැකි සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කිරීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස