ඇඳිරියේ බස්නාහිරින් පැන්න අයට වැඩ වරදී! දින 14 නිරෝධායනය අනිවාර්යයි!

October 31, 2020 at 4:11 pm | by emanisa.lk

නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ පිරිස් අන්තර්ජාලය ඔස්සේ සොයා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි.

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඉන් පිටව ගිය පිරිස් වෙත ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ දැනුම් දීමක් සිදුකරනු ලැබීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පසුගිය 29 සහ 30 යන දිනවලදී ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතේ පොලිස් බලප්‍රදේශ 112ක් සහ කොල්ලුපිටිය පොලිස් බලප්‍රදේශ 05කින් පිටව වෙනත් ප්‍රදේශ කරා ගොස් සිටින පුද්ගලයින්ට තමන් සිටින ස්ථානයේ ම නිරෝධායනයට ලක්වන ලෙසයි.

එලෙස පිටව ගොස් සිටින පිරිස් මේ වන විට හෝටලයක, සංචාරක නිවාඩු නිකේතනයක, නිවසක සිටිනවානම් ඔවුන් එතැන සිට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීම වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ය.

එමෙන්ම එලෙස නිරෝධායනය නොවී යළි බස්නාහිර පලාතට ඇතුල්වීමට එන පිරිස් විශේෂ ක්‍රමවේදයකට අනුව හඳුනා ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස