ආරක්ෂක සැලැස්මට සුළුතර සිසුන් සහාය නොදැක්වූයේ යැයි කැලණිය වසයි!

May 30, 2019 at 11:46 am | by admin

කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමක් නොමැතිව අද පෙ.ව. 10 සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ ඇතිවු සිදුවීමක් හේතුවෙන් මෙම තීරණය පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කිරීමෙන් පසු නව ආරක්ෂක සැලැස්මට සුළුතර සිසුන් පිරිසක් සහාය නොදැක්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලයෙත්, සිසුන්ගේත්, පාලනාධිකාරියේත් ආරක්ෂාව වෙනුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය වසා දමා ඇත.

හැකි ඉක්මනින්ම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසත් පාලනාධිකාරිය දන්වා ඇති අතර සති අන්තයේ පවත්වන දේශන නියමිත පරිදි (බාහිර උපාධි/පශ්චාත් උපාධි) පවත්වන බව විශ්වවිද්‍යාලය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස