ආදාහනය කරන්නේ මුස්ලිම් ජනතාවගෙන් පළිගන්න…! ආණ්ඩුව පණ පිටින් අපිව පුච්චනවා….! – බදියුදීන් හඬා වැටේ..

January 8, 2021 at 10:41 pm | by emanisa.lk

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ අනුව ආදාහනයට සහ භූමදානයට අවසර දිය යුතුව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.

එහෙත් මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමට මුස්ලිම් ජනතාවගෙන් පළිගැනීම සඳහා මෘතදේ ආදාහනය කිරීමට කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි.

මෙය තමන් පණ පිටින් පිළිස්සීමක් සේ දැනෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පසුගිය දා ඇමැති විමල් විරවංශ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට අද (08) පැමිණි අවස්ථාවේ ඔහු මෙම අදහස් පළ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස