ආණ්ඩුව හරියට වැඩ නොකළොත් ඊළඟ ඡන්දෙන් ගෙදර! – විදුර

September 29, 2020 at 1:05 pm | by emanisa.lk

රට අද වන විට මෙතරම් පස්සට යන එක් හේතුවක් වී ඇත්තේ දේශපාලනඥයින් පුද්ගලික න්‍යාය පත‍්‍ර අනුව වැඩ කිරීම බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

දේශපාලඥයන් ලෙස පුද්ගල න්‍යාය පත‍්‍ර තිබිය නොහැකි බවත් එසේ තිබුණහොත් එතන කඩා වැටීමක් ඇති වෙන බව ද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව හරියට ක්‍රියාත්මක  නොවුණොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව දරුණු තීරණයක් දිය හැකි යැයි ද පැවසූ ඔහු 2020 දී ලබා ගත් ජයග්‍රහණය 2025 මැතිවරණයේදී කණපිට හැරී මේ අවස්ථාවක් ඇති බවද සඳහන් කළේය.

2010 දී ලබාගත් ජයග‍්‍රහණය 2015 කණපිට හැරුණු බවත් 2015 දී ලබා ගත් ජයග්‍රහණය 2020දී කණපිට හැරුන බවත් ඔහු පෙන්වා දුන්නේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස